නිම් නැති සෙනෙහෙ

නිම් නැති සෙනෙහෙ..
කෙටි කතාව
DS


"අඩන්න එපා සුදූ අපි තව උත්සහ කරමු.."😖

"දැන් අවුරුදු කීයක ඉදන් උත්සහ කරනවද අයියේ..මටනම් මැරෙන්න හිතිල තියෙන්නෙ..😥"

"මොනාද සුදූ ඔයා මේ කියවන්නේ..ඔයාට පිස්සු හැදිලද.."😬

"ඔව් මෙහෙම ගියොත්නම් පිස්සු හැදෙයි අයියේ මට.."😦

මන් සමිදු සිරිමාන්න..ඔය පිස්සියක් වගේ දොඩවන්නෙ මගෙ wife දනුකි විහංගනා..අපි බැදල අවුරුදු 3ක් උනත් මේ වෙනකන් අපිට දරුවො නෑ..ඒ නිසා ගෙදරින් ගොඩක් ප්රශ්න..දන්නවනෙ නැන්දම්මලා ලේලිලා ප්රශ්න..

"අනේ පුතේ මෙන්න මේකිව ඇතෑරල උබට කොච්චර හොද කසාදයක් කරගන්න තිබ්බද..ඇහුවද ඇහුවද උබ මන් කියන දේ.."😬

"අම්ම මේ අනේ කට පියන් ඉන්නවද මට ඔය අම්මගෙ කියවිල්ල එපාම වෙලා තියෙන්නේ.."😥

"ඔව් ඔව් උබ ජයටම මගුල් අරන් ඔය ගෙනල්ල තියෙන්නෙ වද ගෑනියක්.."😬

"අම්මේ..ඔය හොදටම ඇති..අම්ම කට පියන් ඉන්න..අම්ම අය වචනයක් හරි කිව්වොත් මන් යනව මෙහෙන් මැණිකෙත් අරන්.."😬

අම්මගෙ ඒ කතාවටනම් මට තරහ ගියා..අම්මත් ගෑනියක්නේ..ගෑනියෙක්ගෙ දුකක් තවත් ගෑනියෙක් තේරුම් ගන්න ඕනේ..ඒ උනත් එදා ඉදන්ම අම්ම ඔහොමයි..ඒකට හේතුව මේ මගෙ දෙවෙනි අම්ම නිසා..

"මන් නිසා අයියත් බැනුම් අහනව නේද.."
😟
"නෑ මැණික කවදත් එයා එහෙමයි..ඔයා දන්නවනේ එයාගෙ හැටි..මගෙ මැණික ඕව ගනන් ගන්න එපා.."😔

"ඒ උනාට මහත්තයෝ අම්ම කියන කතාව ඇත්තනේ.."😖

"මොකක්ද.."🙁

"අපි නොගිය දේවාලයක් පන්සලක් නෑ..පුලුවන් තරම් ප්රතිකාර කරා..මටත් දැන් හිතෙනව අයියෙ මන්.."😟

"මේ සුදු මගෙ යකා අවුස්සන්න එපා..එහෙම නෑ හරිද..කෝ එන්න මෙහට්ට.."😬

මන් චුට්ටක් සැර කරත් දනුකි ඇස්වල කදුලු පුරෝගන්නවා..මට දරුවෙක් ඕනෙ උනත් දනුකිිට දුකක් දෙන්නනම් ඕනෙ උනේ නෑ..හැමදාම සතුටින් තියන්න පුලුවන් තරම් උත්සහ කලා..

*******************

"මොකද මචන් upset මූඩ් ගහල.."😞

"නෑ මේ සමිදුව..අද බොස්ගෙන් පොඩි නිවාඩුවක් ඉල්ලුවා..දෙන්න බෑ කිව්ව බන්.."😔

"ඒ මොකද බන් හදිසියේම නිවාඩු."🙁

"ම්..ම්..මේ මගෙ ශානි..එයා pregnant බන්..අද ක්ලිනික්.."🤨

"නෑ..අඩේ මරුනෙ බන්..ඔන්න එහෙනම් මන් මාම කෙනෙක් වෙන්න යනවා..ඒත් උබ මට කලින් නොකීවෙ ඇයි.."😊

"උබට දුක හිතෙයි කියල නොකිය හිටියෙ බන්.."🙂

"මට මොකද බන් දුක හිතෙන්නේ..ඒව මට හුරුයි දැන්..මට ගොඩක් සතුටුයි මචන්..අද පාර්ටියක් දාන්නම ඕනෙ ඒකටනම්.."😊

"ඒක නෙවෙයි බන් අනුරාධපුර උඩමලුවට ගිහින් තියෙනවද.."🙂

"ම්ම් අහලනම් තියෙනව බන් ගිහින්නම් නෑ.."😊

"එතන හාස්කම් තියෙනවලු බන්..බබාල නැති අපේ අක්ක කෙනෙකුත් අනුරාධපුර උඩමලු ගියා.."🤨

"ඉතින් බන් මොකෝ උනේ.."😊

"සති දෙකක් ගියෙ නෑ බන්..අක්ක pregnant උනා..ඒ නිසා උබයි දනුකි දෙන්නම ගිහින් ආවොත් නරකද.."🙂

"ම්ම්ම්ම් ඒ අදහසනම් හොදයි තමයි බන්..මන් දනුකි එක්ක කතා කරන්නම්කෝ.."🤔

*********************

"දනූ හෙට ගමනක් යමුද..ඔන්න මන් නිවාඩුවක් දාගෙනම ආවේ.."
🙂
"කොහෙද අයියේ.."🤨

"හිත නිදහස් වෙන්නත් එක්කම යමුද අනුරාධපුරේ..උඩමලුවටත් ගිහින් රුවන්වෙලි සෑය වැදගෙන එමූ..ම්ම්ම්.."🙂

"අනේ ශෝක් අයියේ..මාත් පාලුවෙන් හිටියේ..යමුකෝ.."😊

කොහොමින් කොහොම හරි උදේ පාන්දරින්ම අපි අනුරාධපුර ගිහින් උඩමලුවට බාරෙකුත් වෙලා වදින්න තිබුනතැන් වැදගෙන එන්න පිටත් උනා..සනුකි දවසම හිටියෙ පුදුමාකාර සතුටකින්..මගේ හිතටත් මාරම සැනසීමක් ලැබිලයි තිබුනේ..

"අයියේ හිතට මාරම සැනසීමක් දැනුනා නේද.."🙂

"ඒක තමයි මැණික..හරිම සතුටුයි මටනම්.."

"සුදු අයියේ අනේ මට අර අඹ කන්න ඕනී.."😊

"අර අඹ..හම්මෝ අඹ දකිද්දිත් අකමැති කෙනා මොකද මේ වෙනස ආ.."🤨

"අනේ ඉතින් ගෙනත් දෙන්නකෝ හොද අයියනේ..ඒ ගමන්ම මට අයිස් ක්රීම් එකකුත් ඕනී.."😊

"අම්මෝ අද මාව ඉවර කරයි වගේ..මදැයි මේකව එක්කන් පන්සල් ආවා.."😏

"හොද මහත්තයනේ..තව මොනාහරි කන්න ගෙනාවට කමක් නැතෝ.."😊

අද හිතේ හැටියට මගෙ කෙල්ල විනෝද උනා..මටත් ඕනෙ වෙලා තිබුනෙ කෙල්ලගෙ සතුට..ගෙදරටම කොටුවෙලා අම්මගෙ ඇනුම් බැනුම් අහ අහ හිටය කෙල්ල අද හරියට කිරිල්ලියක් වගේ..

"මගෙ අයියනම් හලි හොදයි.."
😊
"ඔව් ඉතින් කන්න දෙනවනම් හොදයි නැද්ද මන් දන්නෙ නැද්ද මේ මෝඩි ගැන ආ.."🙂

"අයියෙ අනේ මගෙ අයියේ.."😟

එක් නිමේශයකින් මුලු ජීවිතේම විනාශ උනා වගේ..මන් විසිවෙලා ගියා වගේ මතකයි..එතනින් එහාට මොනා උනාද කියල මන්වත් දන්නෙ නෑ..

***************

"මන්..ම..න් මේ කොහෙද ඉන්නේ..ක් කෝ කෝ මගෙ දනුකි..කෝ.."😖

"කලබල වෙන්න එපා Mr.සමිදු ඔයාලට පොඩි අනතුරක් උනා..කම්පනේ නිසා සිහිය නැතිව හිටියේ.."

"ක්..ක්..කෝ මගෙ wife අනේ..එයාට මොකද උනේ.."😥

"බය වෙන්න එපා Mr.සමිදු ඔයාගෙ wifeට ප්‍රශ්නයක් නෑ..පොඩි තුවාල වගයක් වෙලා එච්චරමයි..වෙන කිසිම ප්‍රශ්නයක් නෑ..wife වගේම.."

"ඇ..ඇයි doctor කියන්න ගිහින් නැවැත්තුවෙ.."😥

"Mr සමිදු..ඔයාගෙ wife වගේම ඔයාගෙ දරුවටත් ප්‍රශ්නයක් නෑ..පුදුමාකාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ..මටත් පුදුමයි සමිදු.."😃

"ම්..ම්..මොකක්ද අනේ මොකක්ද doctor මගෙ ද්..දරුව..ඔ.ඔය ඇත්තමද අනේ..මට..මට විශ්වාස කරන්නත් බෑ.."😊

"මටත් හිතාගන්න අමාරුයි සමිදු..මෙච්චරකල් දනුකිට treatment කරේ මන්..දනුකිට අම්ම කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියලනම් මට විශ්වායක් තිබුනෙ නෑ.."

"අනේ මට..මට සතුටුයි doctor කියාගන්න බෑ සතුට..අනේ මගෙ දනුකි..ක්..කොහෙද doctor.."
😊
"තව එකක් සමිදු..දනුකිව හොදට බලාගන්න ඕනේ මේ කාලේ..මුල් මාස 3න තමයි ගොඩක් අවදානම්..අනික මේ accident එක නිසත් දනුකිට පොඩි පොඩි ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා.."🙂

"හ්..හරි doc ගොඩක් ස්තූති.."😊

"Congratulations සමිදු.."😊

"Thank you doc මෙච්චරකල් අපිත් එක්ක හිටියට..අපි මේ උදව්නම් කවදාවත් අමතක කරන්නෙ නෑ.."😊

"It's ok.සමිදු.."

මගේ හිතට වගේම ඇගටත් දැනුනෙ පුදුමාකාර සතුටක්..තිබුන හිසේ කැක්කුමත් එක පාරම නැති වෙලා ගියා වගේ..මන් දුවල ගියේ දනුකි හිටපු room එකට

"සුදූ මගෙ රත්තරන්..අනේ මගෙ පන.."😊

"අයියේ ඔයා දන්නවද අයියේ..මන්..මන් අම්ම කෙනෙක් වෙන්න යනව අයියේ..මට්..මට හිතාගන්නවත් බෑ..අනේ.."😊

"ඔව් මැණික ඔව්..මටත් හිතාගන්න බෑ..මේකනම් දේව හාස්කමක්.."😚

"කෝ බලන්න මගෙ චූටි බබා..ඉක්මනට එනව නේද පුතේ..අම්මිටයි තාත්තිටයි පාලුයි.."😋

කුසට අත තියමින් මන් පොඩි ළමයෙක් වගේ කියවන ගත්තේ හිතට දැනුන ආශාවට..දනුකි අතින් මූන වහගෙන හිනාවෙනවා..

"අනේ මෝඩයා එයාට ඕව දැම්මම ඇහෙන්නෙ නෑ මෝඩ පැටියෝ.."😊

දනුකිගෙ කම්මුලට හාදුවක් තබමින් දනුකිව පපුවට තුරිල් කරගත්තේ සතුට දෝරෙ ගලමින් තිබියදී..

නිමි..

**************

අඩුපාඩුනම් ගොඩක් ඇති ඒවා කියල දීලා ලයික් කමෙන්ට් දාගෙන යන්න යාලුවනේ..බුදුසරණයි

Comments