නොනිමි ආශා

💜️💚💜️
#නොනිමි අශා....🥀


අක්කා...

හ්ම්..

අද මාව ඉස්කුල් ඇරලවනවද...

ඇයි පැටියෝ අම්මි නැද්ද..

අනේ අක්කි...

අද මගේ ඔලුව ටිකක් රිදෙනවා චුටියෝ.අම්මි එක්ක යන්නකෝ ඔයා...

මට බැ අක්කි.අම්මියි තාත්තියි අදත් රන්ඩු කර ගන්නවා...

කෝ මෙහාට එන්න..

මන් ඇද ගාව හිටිය නංගියාව ඇද උඩින් වාඩි කර ගත්තා...

ඔයා ඕවා හිතන්න එපා.ඒ දෙන්නා ඉක්මනට යාලු වෙයි...

ඇත්තටම අම්මි තාත්තියි මෙහෙම ගෙදර මරා ගන්න පටන් ගත්තේ අද ඉයක ඉදලා නෙමෙයි.ඒත් මට දැන් හිතෙනවා ඒ දෙන්නා ඒ රන්ඩුවල අවසානයට ගොඩක් ලන් වෙලා කියලා...

මේ අහන්නකො චුටි.ඔයා දැන් යන්න ගිහින් ලැස්ති වෙන්න ඉට පස්සේ අපි දෙන්නම ඉස්කෝලේ යමු...

ඔය ඇත්තමද...

හ්ම්..කෝ දැන් යන්න...

මගේ හොද අක්කි.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

සිතාරා ඇයි මේ...

මුකුත් සපු..

ඇයි එහෙනම් මේ ඩෙස් එකකට අමාරුවෙන් වගේ ඔලුව ගහගෙන ඉන්නේ...

අද ස්කුල් එන්නත් නෙමෙයි සපු මම හිටියේ...

එහෙනම් ආවේ...

අදත් උදේ අම්මි තාත්තියි රන්ඩු කරගත්තා සිතු.මන් දන්නැ මොනවා කරන්නද කියලා.අන්තිමටම ඒ දෙන්නා නිසා තැලෙන්නේ අර පොඩි කෙල්ලයි මමයි...

උබ ඕවා හිතන්න එපා කෙල්ලේ.හැමදේම හරියයි.

හරියනවනම් හරියන්න දැන් කල් සපු.අර පොඩි කෙල්ල මහ රු කොට්ටත් උත්සන් මා ගාවට දුවන් එනවා.අමියි තාත්ති රන්ඩු කරනවා බයයි කියලා.මටත් බයයි සපු.එ්ත් මන් කාට කියන්නද.

මට තේරෙනවා බන් උබ ඉන්න තත්වේ.ඒත් අපි කියලා මොනවා කරන්නද..තව අවුරුද්දක් ගියාට පස්සෙනම් ඕන දෙයක්...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ආ නංගි...අද ක්ල්ස් වගේ...ඇයි උච්චර ගැස්..

මේ මට මගේ පාඩුවේ ඉන්න දෙනවද..

මන් කිවුවේ ඉවස ගන්නම බැරි පාර.කෙල්ලෙකුට පාරකට බහින්න බැ පස්සෙන් එනවා..

හරි ඉතින් ඔයා පාඩුවේ ඉන්න ඒ ගමන් අපි ගැනත් පොඩ්ඩක් හිතන්න..

මට කා ගැනවත් මුකුත් හිතන්න ඕනේ නැ.plzzzzz මට මගේ පාඩුවේ ඉන්න දෙන්න...

සිතාරා...

දෙනෙත්...

මොකක් හරි ප්රශ්නයක්ද..

මන් පිටිපස්ස හැරුනා..දෙනත් හැමදේම තේරුනා වගේ මගේ පැත්ත හැරිලා හිනා උනා..

මාත් එන්නද ඔයත් එක්ක ක්ල්ස් එකට යන්න...

ඔයාට වදයක් නැද්ද ..

නැ ඉතින් මාත් යන්නේ ඔයා යන ක්ල්ස් එකටමයිනේ..

එහෙනම් හා..යන්...

මගේ ලෝකේ ඇතුලේ දෙනෙත් කවුද කියන්න මන් තාම හරියට තේරුම් අරන් නැ.එත් එක දෙයක්...දෙනෙත් මගේ ලොකේ යාලුවෙකුට එහා ගිය කෙනෙක්.ඒත් මේ වෙනකන් දෙනෙත් කිසිම දෙයක් මට කියලා නැ...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

සිතාරා..

ම්හ්...

දන්නවද අලුත්ම නිවුස් එක...

මොකද්ද..

දෙනෙත්..සයුරිත් එක්ක යාලුයිලු..

මොකක්..

ඒක අහලා උබ මොකෝ මේ කලබල උනේ එකපාරම...

නැ නැ..ඉතින්...කවුද ඔයාට කිවුවේ...

කියන්න දෙයක් නැ බන්.හැමෝම මේ දේවල් දන්නවා දැන්...

පිස්සු බන්...දෙනෙත් එහෙම කෙනෙක් නෙමෙයි..

මෙන්න වැඩක්..මේ මොකෝ මේ...ඇත්ත කියපන් උබේ හිතේ දෙනෙත් ගැන මොනවා හරි...

පිස්සුද ඔයාට...

දෙයියනේ දෙනෙත්.මේ ඔයාමද..නැ නැ දෙනෙත් මගේ...මගේ විතරයි.එයාට බැ කාටවත් ආදරේ කරන්න.බොරු කතාවත්...

එදා හවස ඉස්කෝලේ ඇරිලා තනියම එන්න උනේ සපු හවස නැටුම් පන්තියට නැවතුන නිසා.පාරේ අයිනකට වෙන්න බස් එකේ නගින්න හිටිය මන් දැක්කේ දෙනෙත්ව..

දෙනෙත් සයුරිගේ අතින් අල්ලන් හුරතල් වෙනවා..එහෙනම් ඒ හැමදේම ඇත්ත..හිතට ආවේ දුකක් එකක වේදනාවක්...මගේ කියලා හිතාගෙන හිතපු දෙන්වත් මට නැති වෙන්න යනවා...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ලොකු..

තාත්ති ...

මොකද මේ ඇදට වෙලා...

මගේ ඔලුව ටිකක් කකියනවා තාත්ති...

පැන්ඩෝල් පෙති දෙකක් වත් බිවුවේ නැද්ද..ඔහොම ඉදලා හරියන්නේ නැනේ..

තව ටිකකින් අඩු වෙලා යයි තාත්ති ...

හ්ම් මන් ආවේ ලොකුගෙන් දෙයක් අහන්න...

මොකද්ද තාත්ති ...

අම්මියි මමයි ඩිවෝස් වෙන්න තිරනේ කලා..දු..

තාත්ති...

ලොකු දු කැමතිද මාත් එක්ක ඉන්න...

ඒත් තාත්ති මන් විතරක් එතකොට නංගි...

මන් චුටිගෙන් ඇහුවා එයා කියනවා අක්කිගාව ඉන්නවා කියලා...

එතකොට අම්මි...

මටත් හරිම වේදනාවයි ලොකු දු.ඒත් ඔයාලගේ අම්මිට කියලා වැඩක් නැ.එයා හැදෙන්නේ නැ.දැන් කරන්න තියන එකම දේ අපි දෙන්නා දෙපැත්තකට වෙන එක.ඒක අපි දෙන්නටම හොදයි...

දැන් අම්මියි තාත්ති හදන්නේ ඒ දෙන්නට දෙන්නා ඒගොල්ලන්ටම කියලා තනි ලෝක හදා ගන්න.ඒ දෙන්නා ඒකට අපි දෙන්නව දෙපැත්තකට අදිනවා.ඇයි එයාලට බැරි තේරුම් ගන්න අපිට ඒ දෙන්නම ඕනේ කියලා.ඒ දෙන්නම ඉන්න තැන විතරයි අපේ ලෝකෙ සම්පුර්න වෙන්නේ කියලා..

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

සිතාරා...

ආනේ දෙනෙත් ඔයා කොයි වෙලාවෙද ආවේ....

දැන් ටිකක් වෙලා.දුර තියලා දැක්කා ඔයා යනවා.ඒ නිසා දුවලා ආවා...

ඒ මොකෝ දුවලා ආවේ...ඔය ඇදුමෙත් දාඩිය ඔයාගේ.ඔහොම කොහොමද ක්ල්ස් යන්නේ..

අවුලක් නැ.අපි ඉන්නේ අන්තිම පේලියනේ...

දෙනෙත් මන් ඔයාගෙන් දෙයක් අහන්න මුකුත් හිතන් නැද්ද..

කියන්න කිසි ප්රශ්නයක් නැ ඉතින් අපි යාලුවෝ නේ..

දෙනෙත් ඔයා මන් ගැන මොකද හිතන්නේ...

ඔයා...

ඔවු මන් ගැන...

ඔයා මට හොද යාලුවෙක්....

එච්චරද හිතෙන්නේ මන් ගැන....

ඔවු ඉතින් එච්චරයි...තව මොනවද හිතන්න ඕනේ...

ඒත් මන්...

හ්ම්...

මන් ඔයාට ආදරෙයි දෙනෙත්...කියාගන්න බැරි තරම්.ඔයා පලවෙනි දවසෙ අපේ පන්තියට ආව දවසේ ඉදලා මන් ඔයාට ගොඩක් ආදරේ කලා.ඒත් කියන්න දෙනෙත් මන් කොහොමද ඒක ඔයාට කියන්නේ ඔයානේ කියන්න ඕනේ මට...කියන්න ඔයා මට ආදරෙයි නේද..අහන්න දෙනෙත් මේ ලෝකේ කාටවත් මන් තරම් ඔයාට ආදරේ කරන්න බැ...

මෙච්චර කාලයක් මගේ හිත ඇතුලේ හිරවෙලා පොරකාපු අදහස් වලට ඔහේ ගලාගෙන යන්න ඉදදුන්නා.

මේ අහන්න සිතාරා ඔයා මගේ හොද යාලුවෙක්...ඉට වඩා දෙයක් මට ඔයා ගැන හිතන්න බැ.මට සමාවෙන්න...

අනේ දෙනෙත් එහෙම කියන්න එපා දෙනෙත් මගේ ආදරේ අවංකයි..මට ඔයාව ඕනේ..ඔයා මගේ විතරමයි...

මේ මොන විකාරයක්ද මේ...

දෙනෙත්ගේ අතින් අල්ලන්න ගිය මාව දෙනෙත් පැත්තකට තල්ලු කලා..

මේ අහගන්වා සිතාරා මන් මෙච්චර දවසක් තමුසෙට යාලුවෙකුට වගේ සැලකුවා.ඒත් අදින් පස්සේ එහෙම නැ.තමුසෙගේ හිත ඔය වගේ කියලා මන් නිකමටවත් හිතුවේ නැ.මට කෙල්ලෙක් ඉන්නවා.ඒ වගේම දැනගන්වා ඒ කෙල්ලගේ ආදරෙත් එක්ක තමුසෙට හැරෙන්නවත් බැ...

අනේ දෙනෙත්...

ගෙදර ආපු ගමන් මගේ ඇගට දැනුනේ උන ගන්න එනවා වගේ වේදනාවක්.ඒ නිසා ආපු ගමන් මන් වැටුනේ ඇදට...

දෙනෙත් එයා තවත් මන් ගැන හිතන්නේ නැ.ඒත් මන් එයා ගැන හිතනවා.කන්නාඩිය ඉස්සරහට ගිය මන් ඒ දිහා බැලුවා..ටිකක් සයුරිට වඩා සුදු නැති උනාට මාත් ලස්සනයි කියලා මට හිතුනා.ඒත් දෙනෙත්...එයා මාව මගේ ආදරේ විසිකරලා එලොලා දැම්මා...මට මතක් වෙන්නෙම දෙනෙත් කියපු කතාව..."ඒ කෙල්ලගේ ආදරෙත් එක්ක තමුසෙට හැරෙන්නවත් බැ.හිතට ආවේ දුකකට වඩා තරහක්..හොදයි දෙනෙත් අපි බලමු ඔයාගේ ඔය කෙල්ල ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා...මට ඔයාව අයිති නැත්නම් මේ ලොකේ කාටවත් ඔයාව අයිති වෙන්න දෙන්නේ නැ...
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

සයුරි...

අනේ සිතාරා ගොඩක් කාලෙකින්...

ඒකනේ...

කැන්ටිමට ආපු නිසා මොනා හරි බොමු...

ම් බැ සයුරි මන් ඔයා දැකලා නැවතුනේ දෙයක් කියන්න...එත් අනේ මන්දා...

පිස්සු කෙල්ල කියන්න ඕන දෙයක්...ඇදඇද ඉන්නේ නැතුව..

මේකයි සයුරි මේවා කියලත් බැ.මන් මෙහෙම හරි මේවා කියන්න හැදුවේ අපි යාලුවෝ නිසා...

ඉතින් කියන්න මොකද්ද..

දෙනෙත් එක්ක ඔයාගේ මොනවා හරි...

සයුරි හිනා වෙලා පහල බලා ගත්තා...

අනේ අහන්නකෝ කෙල්ලේ මන් මේවා කියන්නේ ඔයා නාස්තිවෙනවා බලන් ඉන්න බැරි නිසා...

මොනාද ඔයා මේ කියවන්නේ..

මුකුත් හිතන් එපා සයුරි දෙනෙත් කලින් යාලු වෙලා හිටියේ මාත් එක්ක.අපි අවුරුදු තුනක් විතර යාලු වෙලා හිටියා...

සිතාරා..

ඔවු සයුරි මට ඕනේ නැ ඔය දෙන්නව ඇත් කරන්න ඒත් දෙනෙත් එයා හරිම ඡරා මිනිහෙක්.ඔයාට කිවුවට එයා මාව දාලා ගියේ එයා එක්ක රෙස්ටුරන්ට් එකකට යන්න බැ කියපු නිසා..හිතන්න සයුරි මන් කොහොමද...

මන් ලේන්සුවෙන් මුන වහගෙන කදුලු බින්දු දෙක තුනක් පිහිදා ගත්තා.

අඩන්න එපා කෙල්ලේ මට තේරෙනවා.ඒ්ත් මන් කවදාවත්ම හිතුවේ දෙනෙත් ඒ වගේ කියලා...

මාත් රුවටුනේ ඔතනමයි සයුරි.මාත් එයාට ගොඩක් ආදරේ කලා.

හොදයි දෙනෙත් අපි දැන් බලමු දැන් ඔයාගේ කෙල්ල කොහොමද ඔයාට අදරේ කරන්නේ කියලා...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

සිතාරා...දන්නනවද වැඩක්...

මොකද්ද...

දෙනෙත් සයුරිත් එක්ක මරා ගන්නවලු...

ඔය පත්තු වෙලා තියෙන්නේ.තව ටිකක් පත්තු කරන්න ඕනේ...

අනේ සපු...

ඇයි මේ කෙල්ලේ...දෙනෙත් සයුරි එක්ක මරා ගන්නේ මන් නිසා...

සිතාරා...

ඔවු සපු මායි දෙනෙතුයි කලින් යාලු වෙලා හිටියා.මන් අද ඒක සයුරිට කිවුවා...

තමුසෙට පිස්සුද සිතාරා..මන් කවද්ද තමුසෙට ආදරේ කලේ...

එක පාරම මගේ ඉස්සරහට ආපු දෙනෙත් කැ ගහන්න පටන් ගත්තා

අනේ දෙනෙත්.ඇයි එහෙම කියන්නේ...

පිස්සුද ඕයි.මන් තමුසෙට කැමති නැ.හොද හිතින් මේ විකාරේ නවත්තනවා...

ඇයි දෙනෙත් මට මෙහෙම කරන්නේ...මන් මොකද්ද කරපු වැරද්ද...

දෙනෙත් අත ඉස්සුවේ මට ගහන්න ඒත් සපු දෙනෙත්ගේ අත අල්ල ගත්තා...

තමුසෙට ලැච්ච නැද්ද ඕයි මේ අසරනිට මෙහෙම කරන්න.පවු නැද්ද...

තමුසෙගේ යාලුවට පිස්සු ඕයි.බෙහෙත් අරන් දෙනවා...

දෙනෙත් ගියේ පුපුරපුපුර...ඒත් හැමෝම මන් දිහා බැලුවේ අනුකම්පාවෙන්....

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

තවත් ටිකක් අවුලන්න කියලා හිතා ගෙන මන් හදපු මායි දෙනෙත්ගෙයි පොටෝ එකක් අතින් අත ඇරියා..

දැන් බලමු දෙනෙත් ඔයා මොකද කියන්නේ කියලා...හැමෝම මන් දිහා බැලුවේ දුකෙන් අනුකම්පාවෙන්...

සිතාරා මන් හිතුවේ නැ ඕයි තමුසේ මෙච්චර පහත් කියලා...

අනේ දෙනෙත්...

මන් කවදාවත් මේවගේ පොටෝ එකක් තමුසේ එක්ක ගත්තේ නැ.තමුසෙට වේස කමේ යන්න ඕන්නම් වෙන එකෙක් අල්ල ගන්නවා...දෙනෙත් පොටෝ එක ඉරලා විසි කලා...

ඒත් පොටෝ එක ගොඩක් දුර ගිහින් තිබුනා.ඒ නිසා මුලු ඉස්කෝලේම මන් ජනප්රිය වෙලා තිබුනා.

සිතාරා...

මිස්...

මොකක්ද දරුවෝ ඔයා ගැන යන මේ කතාව...

අනේ...මිස්...

මන් ලේන්සුවෙන් මුන වහගත්තා...

මේ අහන්න දරුවෝ ඔය වගේ දේවල් මේ තරුන කාලේ වෙන්න පුලුවන් ඒත් එවා අද්යාපනේට බදා වෙන්න බැ.දැන් හැම දේම අමතක කරලා ඉගනිම ගැන හිතන්න..

මේ වෙන්නේ මොකක්ද..මන් හිතුවේ මිට වඩා දෙයක් වෙයි කියලා...හරි එහෙනම් බලමුකෝ...

කොහොම අමතක කරන්නද මිස්.ඒ උන දේවල්...

සිතාරා දරුවෝ ඔයාට මුකුත් කරදරයක් එහෙම...

අනේ කොහොම කියන්නද මිස්..එයා මට...

මන් ලේන්සුවෙන් මුන වහගෙන අඩන්න පටන් ගත්තා...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

අන්තිමට හැමදේම නැවතුනේ පොලිසියේ...දෙනෙත්ගේ පවුලේ අය වගේම අපේ පවුලේ අයත් පොලිසියට ඇවිත් තිබුනා...

දැන් ඔය දරුවා කියන්න මොකද උනේ කියලා..

මන් හැම විස්තරයක්ම පොලිස් නිලදාරියා ඉස්සරහ කිවුවේ පොඩි හරි සැකයක් ඇති නොවෙන විදිහට..මගේ කතාවේ සමහර දේවල් හොයා ගත්තේ පත්තර වල ආටිකල් වලින්...

දැන් ඔය ලමයට මොකක්ද තියන වෙනත් සාක්ෂි මේ කතාව හැරුනම...

මන් ගාව එකම පොටෝ එකක් තිබුනා සර්.රුට මන් ඒක කොට්ටේ යට තියන් නිදා ගත්තේ.ඒකත් මෙයා ඉස්කෝලේ දි ඉරලා දැම්මා...

අන්න දැක්කද එතනත් චන්ඩි කමනේ...

කෝ පුතේ ඔයා පාවිච්චි කරපු සිම් කාඩ්..මෙමරි වගේ දේවල්...

ඒවා සේරම අන්තිම දවසේ මෙයා මුහුදට විසි කලා සර්...

බලනවා ඕයි තමුසෙලා කොයි තරම් ජරා මිනිස්සුද කියලා.අහිංසක හිත්වලට බලාපොරොත්තු දිලා මග අරිනවා දැන්...

එතකොට තව කවුද ඔය දෙන්නා ගැන දැනන් හිටියේ...

මන් කිවුවා සර් මට අම්මට බොරු කරන්න බැ කියලා එදා එයා මට ගැහුවා..මට ඉට පස්සේ බය හිතුනා සර්.ඒ නිසා කාටවත්ම කිවුවේ නැ...

කියන් මෙයාගේ අතින් ඔයාට මුකුත්..කරදරයක් එහෙම...

මන් කොහොමද සර් එවා කියන්නේ.මට දැනෙනනේ මන් ගැනම ලැච්චාවක්..මට මගේ අම්මගේ මුන බලන්නත් ලැච්චයි.මන් කොහොමද සර් ලෝකෙට මුහුන දෙන්නේ..

අඩන්න එපා දරුවෝ...එහා පැත්තෙන් හිටිය පොලිස් කාන්තාව මගේ ඔලුව අත ගැවා..

පොලිස් නිලදාරියා දෙනෙත්ට බනිද්දි හිතට ආවේ පුදුමාකාර සතුටක්..දෙනෙත් කොච්චර නැ කිවුවත් කවුරුත් ඒ දේ අහන්න ලැස්ති උනේ නැ..මගේ කතාව හැමෝම පිලි අරන් තිබ්බා...

අන්තිමටම දෙපැත්තම කතා වෙලා එක තිරනේකට ආවා.ඒ එක්සැම් ඉවර උන ගමන් මගෙයි දෙනෙත්ගෙයි වෙඩින් එක ගන්න.අන්තිමට මගේ දෙනෙත්ව මට ලැබුනා..

දෙනෙත්ගේ අම්මා මන් ගවෙට ආවේ කදදුලු පිහිදාදා...

අපිට සමාවෙන්න දු.අපේ එකා කරපු ඡරා වැඩ වලට මගෙන් කිසි සමාවක් නැ වුට...

අනේ අම්මා...මන් දෙනෙත්ලැ අම්මගේ පපුවට තුරුලු උනා...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

අපේ එක්සැම් ඉවර වුන දවසේ දෙනෙත් මට කෝල් කලා..

සිතාරා ඇයි සිතාරා මට මෙහෙම කලේ..මන් මොකක්ද ඔයාට කරපු වැරුද්ද...

ආදරේ කරන එක වැරද්දක්ද දෙනෙත්...

ආදරේ කරන එක වැරද්දක් නෙමේ සිතාරා ඒත් ඔයා කලේ මගේ ආදරේ මරලා දාපු එක...

මන් ඔයාගේ ආදරෙ මැරුවේ නැ දෙනෙත් මමයි ඔයාගේ ආදරේ...

මන් මොකක්ද සිතාරා ඔයාට කරපු වැරද්ද මෙහෙම මගෙන් පලි ගන්න..

ඇයි දෙනෙත් ඔයාට බැරි මට ආදරේ කරන්න..

දැන්වත් මේ පිස්සුව නවත්තන්න සිතාරා..ආදරේ බලෙන් ගන්න බැ.ඒක හදවතින්ම උපදින්න ඕනේ...

අපි දෙන්න එකට ඉන්නකොට ඒක නිකන්ම වෙයි දෙනෙත්...

දෙනෙත් පෝන් එක තියලා පැයකින් වගේ අම්මි කතා කලේ කලබලෙන්...

ලොකු ලැස්ති වෙන්න ගමනක් යන්න...

කොහේද අම්මා...

කොහේ උනත් මොකද..ලැස්ති වෙනවා ඉක්මනට...

අම්මි කිවුවේ කේන්තියෙන් වගේ.මන් කා එකේ යන ගමන් මොනතරම් ඇහුවත් අම්මි වචනයක්වත් කිවුවේ නැ.අම්මි හිටියේ හරි කලබලෙන් වගේ..අන්තිමට අම්මි කා එක නැවත්තුවේ දෙනෙත්ලගේ ගේ ඉස්සරහ...

අම්මි..ඇයි මේ...

දැන් එතෙන්න්ට ගිහින් කලබල කරන්න හදන්න එපා...

මොකද්ද මේ වෙන්නේ ඇයි මේ ගෙදර මේ තරම් සෙනග...

එන්නකෝ ලොකු ...

මන් අම්මගේ පිටි පස්සෙන් ආවා.හැමෝම මන් දිහා බැලුවේ දුකෙන් වගේ...

අනේ....දු....

දෙනෙත්ලැ අම්මා මාව අල්ල ගත්තා...

ඒත් මට ඕන උනේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න.මන් අරලා තිබුන කාබරේ ඇතුලට ගියා..

දෙනෙත්..

දෙනෙත්ව සිහිය නැති වෙලා වගේ වැටිලා.

දෙනෙත් කතාකරන්න මහත්තයෝ මන් සිතාරා...මන් දෙනෙත්ව පපුවට තියන් කැ ගැහුවා.ලග හිටිය කවුරුවත් මන් ගාවට ආවේ නැ.හුමෝම බලන් හිටියේ අනුකම්පාවෙන් වගේ...

අනේ දෙනෙත් කතා කරන්න..මට ඔයා නැතුව ඉන්න බැ දෙනෙත් මට ඔයා ඕනේ..මට ඔයා විතරයි මේ ලෝකේ හිට්යේ....

මන් දැක්කේ දෙනෙත්ගේ අතේ ගුලි වෙලා තිබිච්ච බෝතලේ...කාටවත් හිතාගන්නවත් බැරි තරම් ඉක්මන්ට බෝතලේ ඉතුරු වෙලා තිබුනු උගුරුටික මන් බිලා දැම්මා..

මට මතක හැමදේම බොද වෙලා යද්දි අම්මි මාව කැ ගහගෙන අල්ල ගන්නවා...

දෙනෙත්...

මන් කෙදිරි ගැවා...ඉට පස්සේ පන නැතිවේගෙන යන මගේ අතින් මන් දෙනෙත්ගේ සුල ගිල්ල අල්ල ගත්තා..

මතකද දෙනෙත් මන් ඔයාට කිවුවා මන් තරම් ඔයාට මේ ලොකේ කාටවත්ම ආදරේ කරන්න බැ කියලා...දැන්වත් ඒක පිලිගන්නවද...දෙනෙත්...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මන් හිතනවා ඔයාලට කියවන්න වගේම හිතන්නත් යමක් ඉතුරු කලා කියලා.ඔයාගේ හිතට අපු දේත් පුංචියට comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා.ඒක මට හුගක් වටිනවා..තවත් කතාවකින් හමුවෙමු..

✍️...මදුවා...🖊️🖊️

Comments