බියර්

කෙටි කතාව


#බියර් 😆😆

"බෲනෝ ඔහොම නවතිනවා."
මෙන්න මේ බලු තඩියා පන කඩාගෙන දුවනවා 😲😲.
ඒ එක්කම අප්පච්චිගෙ කාර් එකේ සද්දෙ ඇහුනා. එහෙනම් ඒකයි මූ දිව්වෙ 😒. මාත් පොත් පත් පැත්තක තියලා එලියට දිව්වා.
කේලම් කීයක් කියලා කියන්න තියනව ද ඉතිම් 😏🙈🙈🙈.

මෙන්න යකෝ මෙච්චර වෙලා මීක් සද්දයක් නැතුව හිටපු අක්කන්ඩිත් එලියට ආවා.

"ආ අප්පච්චි .😏"

"මේන් දෝණි" අප්පච්චි මොකක්ද මන්දා මල්ලක් අක්කට දුන්නා. බැලින්නම් බියර් ටින් දෙකක් 😲😲.

මට ඉබේම ඊයෙ දවස මතක් උනා. ඊයෙ අක්කයි මායි හොර ලෙඩ දාගෙන ගෙදර හිටියා 🙈🙈. ගෙදර හිටියා කියලත් පාඩම් කරන එකක් යැ. දවසම ෆිල්ම්ස් බැලුවා. ඔක්කොම ඉන්ග්ලිශ් සහ කොරියන් ෆිල්ම්ස් ලු. ඒ මදිවට හැමඑකේම කෙල්ලොත් නිකන් වතුර බොනවා වගෙ බියර් බොනවා 😕😕.
ඊට පස්සෙ මගෙ අක්කණ්ඩි .. ඩෑල් එකටත් බියර් බොන්න ඕනෙ කියලා කෙදිරි ගාන්න ගත්තා 😩😩. සැක් යකො එපා වෙනවනෙ සෙද්ද මේකිගෙ කටේම දැන් ඉතිම් බියර් බියර් තමා 😒😒.
අවාසනාවකට අම්මට ඕක ඇහුනා.

"මොකක් බියර්... දෝණි සෙල්ලන් කරන්න ලෑස්ති වෙන්න එපා. ලෝකෙ නැති විකාර බලාලා පුරුදු වෙනවකො ජහජරාවත් බොන්න." අම්මා විලාප දෙනවා ඒ පාර.
"අපෝ අම්මෙ ඉතින්.😐😐"

හවස අප්පච්චි ආවා. බියර් සීන් එක අප්පච්චිටත් ආරංචියි ඉතිම් 😕😕. " හෑ බියර්... කොහෙන්ද ඕවා දැක්කෙ දැන්. ඒ රටවල දේශගුණය , සංස්කෘතිය වගේ දේවල් එක්ක ඒ මිනිස්සු පුරුදු වෙලා ඉන්න දේවල්නෙ ඕවා. අපේ රට එහෙම නැ දෝණි." අප්පච්චි ඉතිම් දාර්ශනික අයුරින් පැහැදිලි කරා.
එහෙමයි කියලා මේකි අහයිද ඕවා. මොන බියර් ඕනෙමලු නෙ. බලහන් ඉතිම් ගෙදර ලොකු එකා පොඩි එකා වෙන්න හදන හැටි 😒😒😐.


එතකොට ඒකද මේ බියර් ගෙනත් තියෙන්නෙ 😲😲😲. අම්මොහ් අප්පච්චි 😕😕.
"ඔන්න දෝණි බියර් ගෙනාවා. බොන්න වීදුරු අරන් එන්න"
මේකිත් ඉතිම් ගියා.
" අප්පච්චි ඇත්තටම ද" යකො මන් තාම සප්රයිස් වෙලා.

"මෙන්න ගෙනාවා. දාන්ඩෝ" අක්කා වීදුරු ටික වැඩ්ඩා වගේ තියලා උඩ පනිනවා.

"බියර් ද ඔය 😲😲 පිස්සුද ඔයාට.... මොනවද මේ ලමයින්ට පුරුදු කරන්නෙ." හුටා මෑණියන්.

"ඉන්නකො ඉන්නකො. අපි කොච්චර බියර් ගැන කිව්වත් ලමයින්ට කුතුහලය කියලා දෙයක් තියනවනෙ. ඉතින් ඒක නැති කරන්න හදන්නෙ.සැර අඩුම බ්රෑන්ඩ් එක ගෙනාවෙත්.
කියලා අප්පච්චි වීදුරු වලට බියර් වක්කරා.
" ආයෙ හොරෙන් බොන්න දෙයක් නැ. දැන් මාත් එක්කනෙ බොන්නෙ."
අප්පච්චි කියන එක ඇත්ත. අපිට තියෙන කුතුහලය නිසා හොරෙන් උනත් බියර් බීලා ඇඩික්ට් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හුගක් පාසල් ලමයි මේවට ඇඩික්ට් වෙන්නෙ මොනවද මේ කියලා අත් හදා බලන්න යන නිසා නෙවෙයි ද.

"වීදුරු ටික ගන්න චියර් කරන්න."
"ඕ..චියර්ස්" අපිටත් ඉතින් ආතල්.
කවදා කරපුවද මෙව්වා 😂😂😂.

මාත් වීදුරුව දිහා ටිකක් බලන් ඉදලා ටිකක් බිව්වා. බුවෑක්කා මොන මලජරාවක් ද මේ 🤮🤮. ඒකේ රස හරියට ඩෝකා අංකල් දෙන බෙහෙත් වතුරෙ දිය කරලා බොනවා වගේ.
වාව්ස් අක්කටත් ඒ සෙතේම තමා කියලා මූණෙන් පේනවා.
අප්පච්චි හිනාවෙවී අපි දිහා බලන් ඉන්නවා.

"ඊයා අප්පච්චි.. බෙහෙත් රසක් නෙ එන්නෙ. මොන මගුලකට මිනිස්සු මේවා බොනවද මන්දා." යකෝ මේවට ඇඩික්ට් වෙන මන්ද මානසිකයොත් ඉන්නවද. මට හිතුණෙ එහෙම.

"ඔහොම තමා රස. අයිස් කැටයක් එහෙම දාගන්න.ඕක සැර අඩුයි. නෝර්මලි පිටරටවල මිනිස්සු ඕවා බොන්නෙ ඇතුල පිච්චිලා යන්න. සීතල දරා ගන්නෙ එහෙම මිනිස්සු."

"හරි එතකොට අපෙ රටෙ උන් බොන්නෙ මොන රෙද්දකටද."😒 ඒ අක්කා

"උන් නම් අනුකරණයට. ඕවා බීගෙන. වකුගඩු පුච්චගෙන විහින් අසනීප වෙලා දුක් විදින එක තමා උන්ගෙ ආතල් එක."
"අපෝ මටනම් ආයෙ බියර් එපා." අක්කණ්ඩි බියර් වීදුරුව මේසෙන් තියලා වීදුරුවටත් ඔරවනවා😒😒.

මන් අප්පිරියාවෙන්ම තව උගුරක් බිව්වා. සකන්ඩ් වෙන්න බෑනෙ ඉතිම්. මෙන්න යකෝ අපේ බෲනො කොල්ලත් මන් දිහා බලන් ඉන්නවා. කොල්ලා කිව්වට ලයන් ෂර්පර්ට් බලු තඩියෙක්.
"අප්පච්චි.. මුටත් දෙමු."😂😂

"දීලා බලන්න... දීලා බලන්න.. කෝ උගෙ කප් එක."
"අර තියෙන්නෙ."
අර අසරණ සතාටත් බියර් පෙව්වා. ඊට පස්සෙ ප්රතිඵල දකින්න බලන් ඉන්න උසස් පෙල සිසුන් වගෙ බලන් හිටියා 😂😂😂. (හින්ට් එකක් ඈ)
"යකො ගිය ආත්මෙ මූ අමු බේබද්දෙක්ද කොහෙද 😂. බීලා තව හොයනවා කියහන්කො."
"වෙන්න පුලුවන්. බලහන්කො බොන විදිහ" හය්යො අසරණයා."

"අප්පච්චි ... අර"
"ආ ඒ මොකො" මෙච්චර වෙලා කෙලින් වෙලා තිබ්බ කන් දෙක කරන්ට් වැදිලා වගේ දෙපැත්තට කරගෙන මූ ඔලුව ගසන්න ගත්තා.
"ඇයි දෙයියනෙ එහෙම😂😂😂"
මූ ඉන්න විදිහට ඔක්කොටම හිනා.

ඔන්න ඔය ආකාරයටලු අපි බියර් බිව්වෙ.
ආ බෲනො කොල්ලනම් දවස් කීපයක් ම කන් දෙක දෙපැත්තට කරගෙන හිටියා කියන්නකො.😂😂😂😂

💗💗💗💗💗💗💗💗💗💗💗💗
සත්ය සිදුවීමකි.


Comments