ආගන්තුක මනාලී-1

ආගන්තුක මනාලී..😍


කතාව ගැන කෙටියෙන්...
......................................................................

"අනේ අම්මේහ්...මාව දාලා යන්න එපා..අනේහ්😓😓..මට දැං කව්ද ඉන්නේ..අනේ අප්පච්චී .ඔයාලා දෙන්න විතරයි මට ඉදියේ..අනේ මාව දාලා යන්න එපා.😭." හමා ගිය දරුණු සුළි කුණාටුව නිසා කඩා වැටුණු නිවසට යට වී මියගිය තම මවගේ හා පියාගේ නිසළ මළ සිරුරු අබියස නෙතූ හඩා වැටෙමින් පැවසුවා..

ආදාහනාගාරයේ දුම් කව්ලුවලින් මවගේත් පියාගේත් සිරුරු ආදාහනය වී යන අදුරු දුම් රැළි මෙන් ම ඇගේ සිරුරත් දැවී අලුවී යන්නේ නම්..එය ඇයට සැනසීමක් ..

" නෑ .මට ඕන නෑ තව ජීවත් වෙන්න..මමත් එනවා අම්මේ ඔයාලගේ ගාවට..මට මෙහෙම තනියම ජීවත් වෙන්න බෑහ්😭😭😭." තමාටම එසේ පැවසූ නෙතූ ආදාහනාගාරයේ දොරටුව දෙසට දිව යන්නට උනා.නමුත් ඈ සිහිසුන් ව ඇද වැටුනා..

......................................................................

" අ..ම්..මේ....."

" දුව..ඔයා ඉන්නේ අපේ ගෙදර..ඔයාට සිහිය නැති උනා.ඉතින් අපි මෙහේ එක්ක ආවා..අද ඉදන් මෙහේ ඉමු දුව..😍" ඒ තම පියාගෙ හොදම යහලුවා උන ජයසේකර අංකල්ගේ වයිෆ්...සරලා ආන්ටී..

" ආ..න්ටි... අනේ මගේ අම්මයි අප්පච්චී මාව දාලා ගියා.මම තනිවෙලා ආන්ටී..මම තනිවෙලා කිසි කෙනෙක් නෑ මට..." 😭නෙතූ සරලාව බදාගෙන පැය ගානක් ම හැඩුවා ..සරලා කියන්නේ ඇත්තටම ගොඩාක් කරුණාවන්ත කාන්තාවක්..පුතුන් දෙදෙනෙකුගේ මවක් වන සරලාට දුවෙකු නැති අඩුව තදින් ම දැනෙමින් තිබූ කලෙක..නෙතූ ඇගේ ජීවිතයට දුවෙක් ලෙසින් ආ බව ඈ සිතුවා..

" නෑ මැණික.අපි හැමෝම ඔයාට ඉන්නවා..අද ඉදන් මේ ඔයාගෙම ගෙදර..ඇදට වෙලා ඉන්න .මම උයලා කතා කරන්නම්.😍"තම හිස ද අතගා පිටව යන සරලා දෙස කෙල්ල බලා සිටියේ දරාගන්න බැරි වේදනාවකින්.."අනේ..මගේ අම්මත් ඉදියනම්...😢😓" කෙල්ලට එහෙම හිතුනා..

...............................................................
*******************************************
ධනුක දිල්නෙත් ජයසේකර ..ඒ කියන්නේ ජයසේකරගේත් සරලාගේත් වැඩිමහල් පුත්රයා. නිහඩ චරිතයක් වන ධනුක..විශ්වවිද්යාල ශිෂ්යයෙක් ... ඇත්තටම ඔහු කඩවසම් තරුණයෙක් ..

ධනුකගේ සහෝදරයා උනේ සනුක..සනුක දිල්නෙත් ජයසේකර ..කොල්ලා තවම 8 වසරේ....අයියගෙම කොපියක්..තම සහෝදරයා අනුගමනය කරන සනුක තම අයියා වගේම ඉගැනීමට උපන් හපනෙක්..

නෙතූ.. ඒ කියන්නේ නෙතුනි කාව්යා ..සුමේදගේ ජීවිතේම වෙච්ච කෙලි පොඩ්ඩ...සුළි කුණාටුව නිසා..නෙතූගේ මවත් පියාත් මෙලොව හැර ගියා..එදා සිට ම නෙතුනිට මවත් පියත් උනේ ජයසේකර හා සරලා..ඇත්තටම ඔවුන් නෙතූ තමන්ගේම දරුවෙකු ලෙස පිළිගත්තා..12 වන ශ්රේණියේ අධ්යාපනය ලබන නෙතූට කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නෑ ..

ධනුක සනුක අයිය මලෝ දෙන්න නෙතූට පොඩ්ඩක්වත් කැමැත්තක් දැක්වූයේ නෑ..ඇය කරදරකාරියක් ලෙස මොවුන් දෙපල දුටුවා..ඇයව දැකීම පවා මොවුන් අප්රිය කලා ..එය නෙතූට වේදනාවක් ගෙන ආවා .නමුත් සරලා...ඇයට ඇගේම මව උනා..

මේ ඔවුන්ගේ කතාව.

නෙතූගේ ජීවතය කෙලෙසට ගලායාවිද..තවත් එක බොලද කතාවක් නෙවෙයි.. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.. පළවෙනි කොටස එක්ක ආයේ හමුවෙමු.එතකම් පරිස්සමෙන් ඉන්න හැමෝම..බුදුසරණයී ..😍😍😘😘😘

✍️නිහඩ කතාකාරී..

Comments