අපි අපේම වී

🌹කෙටි කතාව 🌹


"මේ අන්න අරූ අදත් ඉන්නව.බලපන්කො හැටි.තනිකරම රස්තියාදු කාරයෙක් වගේ.උබත් ඉතින් බකමූණි වගේ ඉන්නවනෙ.කැමති නෑ කීවනම් ඉවරනෙ"😡😡😡😡
ඒ මගේ හොදම මිතුරිය සකුනි.
ඔවු දැක්ක ගමන් හැමෝටම ඔයාව පෙනුනෙ රස්තියාදු කාරයෙක්,මැරයෙක් වගේ.ඒත් ඒ ඇස් වල තිබුන ආදරය මං හොදටම දැක්කා.කවදාවත් මගෙන් උත්තරයක් නොලැබුනත් මං යන යන තැනට එන එක ඔයාගෙ පුරුද්දක් වුනා.මගෙ යාලුවන්ට ඔයාව කරදරයක් වෙද්දී මාත් ඒ විදිහට රගපෑවෙ ආදරය කරන්න තිබුන බයට.ඒත් කොහෙ ගියත් ඔයාව හොයන එක ,ඔයා එයි කියලා බලන් ඉන්න එක මට පුරුද්දක් වුනා.
"මේ,මොකද උබ ඌ දිහා බලාගෙන භාවනා කරනවද.අනේ ඇත්තමයි අමන්දි මොකක්ද මේකෙ තේරුම.ඇත්ත කියපන් උබ ඌට කැමතිද"😠😠😠😠😠😠😠
අන්තිමට සකූ මගෙන් එහෙම ඇහුවෙ මගේ නිහඩ බව තවත් ඉවසන්න බැරි තැනයි.
"මොකද මේ අඩන්නෙ.අමා මං ඇහුවෙ උබ ඌට කැමතිද.නැත්තම් හැමදාම ඌ පස්සෙන් එද්දි ඇයි උබ මොකුත් නොකිය ඉන්නෙ.මං දැකල තියෙනව උබ හොරෙන් ඌ දිහා බලනවා "සකුනිගේ වචනවල ඇත්තේ කේන්තියකි.

"ඔව් ඔව් ඔව් මං ආදරෙයි.දෙයියනේ මං ආදරෙයි.මං එයාට ආදරෙයි සකූ.ඒත් මං බයයි.උබලා කියනව වගේ එයා රස්තියාදු කාරයෙක් වෙන්න ඇති.ඒත් එයා මට ආදරෙයි.මං ඒක දන්නව "😓😓😓😓
සකුනිව බදාගෙන මං හොදටම අඩද්දි ඈත ඉදන් බලන් හිටිය ඔයා දුවගෙන අපි ලගට ආවා.මං දන්නව මං අඩනවා බලන්න ඔයාට බැහැ කියලා .
"නංගි ඇයි අඩන්නෙ.හරි මං ආයෙ ඔයාට කරදර කරන්නෙ නෑ.අඩන්න එපා.මං නිසා ඔයාට ලැජ්ජා වෙනවා.මං ආයෙ එන්නෙ නැහැ "
ඒ තරම් ආදරයක් ඔයාගෙ හිතේ මං ගැන තිබුනා.මගෙ එක කදුලක් දකින්න ඔයා කැමති වුණේ නැහැ.එහෙම කියලා ඔයා යන්න යද්දි මං කොහොමද ඔයාට යන්න දෙන්නෙ.දුවගෙන ගිහින් පොඩි එකෙක් වගේ ඔයාව බදාගත්තෙ ඒකයි.මගෙන් ටිකක්වත් ඈතට යන්න දෙන්න බැහැ ඔයාට.හැමෝම අපි දිහා බලන්න ඇති.ඒත් මට ඒ කිසිම දෙයක් වැඩක් නැහැ.

"අයියෙ මං ආදරෙයි "🌹🌹🌹🌹🌹🌹🌹
ඔව් අන්තිමේදි මං ඒක කීවා.ඔය ඇස් වල තිබුන සතුට මං එදා දැක්ක .
හැමදාම අදින පරන වුනු රතුපාට ටී ශර්ට් එක ඇදගෙන බාටා දෙකක් දාගෙන මං එනකම් පාර බලන් ඉන්න ඔයාව දැක්කම මට දැනුනෙ පුදුම ආදරයක්.ඒත් අනිත් අයටනම් ඔයාව අප්පිරියයිලු.මට ඔයාව ගැලපෙන්නෙ නැහැලු.පන්තියේ හැමෝම කතා වුනේ අපි ගැන.

"උඹට පිස්සුද අමා අර වගේ එකෙක් එක්ක යාලු වෙන්න "
"ඊයා අනේ එයාව ඔයාට ගැලපෙන්නෙ නැහැ"
"මේ අමන්දි ඔයාගෙ අර කුමාරයාට අලුත් ටී ශර්ට් එකක් අරන් දෙන්න "
😡😡😡😡😡😡😡😡
හැමතැනින්ම ඇහුනෙ ඔය වගේ කතා.මං කැමති වුනේ නැහැ කවුරුත් ඔයාට කිසිම දෙයක් කියනවට.හැමෝ එක්කම මං රණ්ඩු කලා.අවුරුදු ගානක් එකට හිටිය සකුනිත් මාත් එක්ක තරහ වුනා.ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව මං ඔයාට ආදරේ කලා.මට ඕනෙ වුනා ඔයාව හොද තැනකට ගන්න .
"අමා මට රස්සාවක් හම්බුනා"
"අනේ ඒක කොච්චර හොදද අයියෙ.මට ගොඩක් සතුටුයි "😀😀😀
"හැමදාම ඔයාව බලන්න එන්න බැරි වෙයි.මාත් එක්ක තරහ වෙන්න එපා"
සති දෙකක්ම ඔයා ආවෙ නැහැ මාව බලන්න .කතා කරන්නවත් විදිහක් නැති වුනේ ඔයා ලග phone එකක්වත් තිබුනෙ නැති නිසා.
අන්තිමේදි ඔයා ආවා..ලස්සන සුදු පාට ටී ශර්ට් එකක් ඇදලා.ඔයාව දැක්ක ගමන් මට හැමදේම අමතක වුනා.
"අමා..තරහද"
මගෙ අත අල්ලගෙන අහින්සක විදිහට ඔයා එහෙම අහනකොට මං කොහොමද තරහ වෙන්නෙ.අපි එදා පන්සල් ගියා.ඔයා මට ලස්සන ගවුමක් ගෙනත් තිබුනා.ඇත්තමයි මට ඒක ගොඩක් වටිනව.
අපෙ ආදරේට හරියටම දැන් අවුරුදු තුනක්.එදා වගේම අදත් අපි දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නව.මේ අවුරුදු තුනට ඔයා ගොඩක් මහන්සි වුනා කියලා මං දන්නවා.ඒ හැමදේම කලේ මං නිසා.
"ඔයා නිසා තමයි මැනික මේ හැමදෙයක්ම "
ඔයා හැමදාම කීවෙ එහෙමයි.අම්මෙක් තාත්තෙක් කාත් කවුරුත් නැති ඔයාට හිටියෙ මං විතරයි.

"අයියෙ."
"ම්ම්ම්..මොකද මේ දුකින් අමා."
"අම්මලා මට කෙනෙක්ව හොයලා.ඉක්මනට මැරි කරන්නලු.මං ඔයා ගැන කියන්නද"
"හ්ම්ම්.එයාලා මට කවදාවත් කැමති වෙන්නෙ නැහැ මැනික"
"අකමැති වෙන්නෙ ඇයි.ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි.ඔයාට කියලා ගෙයක් තියෙනව.ඔයාගෙම කියලා ව්යාපාරයක් තියෙනව"

"ඒත් එයාලගෙ එකම දුවව මං වගේ කාත් කවුරුත් නැති කෙනෙකුට දෙයිද"
මං ඇඩුවා.ඔයාව බදාගෙන ඇති වෙනකම් ඇඩුවා.අන්තිමට මං ගෙදර ගියේ තීරණයක් අරගෙන.
"අම්මි මට දෙයක් කියන්න තියෙනව "
බයෙන් බයෙන් වචන ගැටගහ ගත්ත මං එහෙම කීවා.
"මොකක්ද දෝනි "
"අම්මි මං කෙනෙක්ට ආදරේ කරනව.මට බැහැ අම්මි වෙන කෙනෙක් ලගට යන්න.මට ඕන එයාව විතරයි "
අම්මට මං කියපු දේ අදහගන්න බැරි වෙන්න ඇති.කවදාවත් එයාලට පිටින් ගියෙ නැති එයාලගෙ දෝනි මෙහෙම දෙයක් කියයි කියලා කවදාවත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.😑😑
"හ්ම් එහෙමද.ඒ ලමයට දෙමව්පියොත් එක්ක ඇවිත් අපිව හම්බවෙන්න කියන්න "

තාත්තගෙ කටහඩට මායි අම්මයි දෙන්නම ගැස්සුනා.එයා ඔක්කොම අහගෙන ඉදලා.
"තාත්ති....😞😞😞එයාට...කවුරුත් නැහැ."
ඒ වචන ටික මගෙ කටින් පිට වුනේ ඉතාමත් හෙමින්.

"මොකක්.තමුන් ඔය මහ ලොකුවට ආදරේ කලේ අනාතයෙක්ටද.මං හිතුව අපිට ඉන්නෙ හොද කීකරු දුවෙක් කියලා."

එයාල කවදාවත් අපෙ ආදරේ තේරුම් ගන්නෙ නැහැ.මං ගෙදර හිර කාරියක් වුනා.මට කියලා යාලුවෙක්වත් මං ලග නැහැ.උදේ ඉදන් රෑ වෙනකම්ම කාමරයට වෙලා ඇඩුව.කෑමක් බීමක් නැතුව දවසින් දවස මං දුර්වල වුනා.
"අනේ දෝනි මේ කිරි එක බොන්න .ඔයා ලෙඩ වෙයි"
"අනේ අම්මි මට තාරක ලගට යන්න දෙන්න .මං මැරෙයි අම්මි ."
අම්මගේ කකුල් දෙක ඉස්සරහ වැටිලා ඇඩුවෙ මට වෙන කරන්න දෙයක් නැති නිසයි.ඒත් අම්මත් තාත්තගෙ දැඩි නීති හමුවේ අසරනයි.😓😓😓😓😓😓😓

දින සති මාස ගෙවිලා ගියේ ඔයා ගැන කිසිම ආරංචියක් නැතුව.මාස හතක්ම මං ගේ ඇතුලෙ හිරකාරියක් වුනා.ඇගත් හොදටම දුර්වල වෙලා මං ලෙඩෙක් වුනා.
"උඹ මැරිලා ගියත් ඒ වගේ එකෙක් ට උඹව දෙන්නෙ නෑ"
ඒ තාත්තගෙ අන්තිම තීරණේ.එහෙනම් තවත් මං ජීවත් වෙලා මොකටද .බෙහෙත් පෙති අහුරක් අරන් කටේ දා ගත්තේ හැම ප්රශ්නයක්ම අදින් ඉවරයි කියලා හිතා ගෙනයි.ලබන ආත්මයෙවත් ඔයා මගෙ වෙන්න අයියෙ.😓😓😓😓😓😓😓

"අනේ රත්තරං මොකක්ද මේ කරගත්තෙ."
අමාරුවෙන් ඇස් අරිනකොටම අම්මා මාව බදාගෙන අඩනවා.ඔවු මං මැරිලා නෑ.මාව ඉස්පිරිතාලෙට කොහොම ගෙනාවද කියලා මට මතකයක් නැහැ.

"මිස් අමන්දි ආයෙ එහෙම ඔහොම මෝඩ වැඩ කරන්න එපා.ජීවිතේක වටිනාකම කියලා නිම කරන්න බැහැ" දවස් තුනක් ප්රතිකාර ලැබීමෙන් පසු ගෙදර යාමට ලැහැස්ති වූ මට හෙදියකගෙන් අසන්නට ලැබුනේ එවැනි දෙයකි.එහෙත් මලමිනියක් සේ කිසිම හැගීමක් නොමැතිව සිටිය මට ඒ කිසිවක් වැඩක් නැත.

"දෝනි ඔයා මේ සාරිය ඇදගන්න .ඔයාව බලන්න කෙනෙක් එනවා.තවත් තාත්තිව තරහ කරගන්නෙ නැතුව කියන දේ අහන්න."
ඇයි එදා මං මැරුනෙ නැත්තෙ.අඩාගන්නවත් මට දැන් ශක්තියක් නැහැ.අම්මා සාරිය අන්දනකම් ඔහේ හිටියෙ තවත් මට කිසිවක් කිරීමට ශක්තියක් නොමැති නිසයි.මෝටර් රථයක් මිදුලේ නවත්වනවා ඇහුන..ජීවිතයේ අවසානය උදා වී ඇති බවක් මගෙ සිතට දැනුනේ හෙට අනිද්දට ඒ ආපු පුද්ගලයගෙ භාර්යාව වීමට සිදු වෙන බව මතක් වීමෙනි.
"සුදු දුව යමු පල්ලෙහට"
ප්රානය නිරුද්ද වූ වෙකු මෙන් අම්මා සමග පඩිපෙල බැස පහලට ගියේ කිසි වෙකුගේ මුහුණ වත් නොබලමිනි.
එකවරම මා ඔහුගේ දෑත් අතර සිරවුනි.ඒ සුවද ,මට ගොඩක් පුරුදු බවක් දැනුනි.ඔව් ඒ ඔයා.මගෙ පණ.
"අමා ඇයි රත්තරං මේ.මට මේ තරම් ආදරේ කලාද."
අදහගන්නත් බැහැ.ඔයා මාව බදාගෙන හොදටම අඩනවා.මං දැක්ක අම්මගෙ ඇස් වලත් කදුළු .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

"මට තවත් උඹ දුක් විදිනව බලන්න බැහැ පුතේ.ඒකයි මං ගොඩක් හිතලා මේ තීරණේ ගත්තෙ."අපි දෙන්නම අපේ ලෝකයෙන් මිදුනෙ තාත්තගෙ ඒ වචන ඇසීමෙනි.
අන්තිමට අපි දෙන්නගෙ ආදරේ ජය ගත්තා.මේ මාස හතට තාරක ගොඩක් මහන්සි වෙලා.දැන් එයාගෙම කියලා වාහනයකුත් තියෙනව.

අන්තිමට මට මගේ ආදරේ ලැබුනා.ටික කාලයක් යනකම් තාත්තගෙ හිතේ තරහ තිබුනත් දැන් ඒ හැමදෙයක්ම හරි.අපි දෙන්නට දැන් චූටි පුතෙක් ඉන්නව ...💑💑💑💑
"අමා.."
"ම්ම්ම්"
"ආදරෙයි"
"මාත් රත්තරං "

නිමි.

😊😊මේ කතාවත් හොදයිනම් like කරන්න යාලුවනේ ....ඔයාලගෙ likes comments වලට ගොඩක් ස්තූතිය ❤️❤️❤️❤️අඩු පාඩු ඇති ගොඩක් ..

~මල්කි ඉමාෂා~

Comments