අසම්මතේ වැරදිකාරි

#අසම්මතේ_වැරදිකාරී___


(තරුන මවක් හා තරුනයෙක් අතර සිදු වු සිද්දියකි)


ඇය:- "රත්තරං...අපි මෙ කරෙ වැරැද්දක් නේද....."

ඔහු:-මොකක්ද වැරැද්ද

ඇය:-මට කවදාවත් ඕන උනෙ නෑ ඔයා එක්ක මෙහෙම ඉන්න...

ඔහු:- එහෙනම් මෙ හිටියෙ......

ඇය:- ඔව් හිටිය එක තමා වැරැද්ද...මට මාව අමතක උනා මගෙ සීමාව අමතක උනා....දෙවියනේ මං බැදපු ලමයි ඉන්න ගෑනියෙක්...ඉහ්..ඉහ්...

ඔහු:-හහ්හා...ඔයාට දැන්ද ඔයා බැදල ලමයි ඉන්නව කියල මතක් වෙන්නෙ....මාත් එක්ක හුරතල් වෙනකොට ඕව මතක් උනේ නැද්ද....

ඇය:-ඇයි දෙයියනේ ඔයා ඔහොම කතාකරන්නෙ...එ හැම දෙයක්ම උනේ මං ඔයාට ආදරෙ නිසානේ....

ඔහු:-හහ්හ..ආදරේ මගුලෙ ආදරේ...උබ හිතුවද මෙච්චර දවසක් උබ එක්ක මං හුරතල් උනේ උබට ආදරෙ නිසා කියල....පිස්සුද බං මට ඕන උනෙ උබ එක්ක දවසක් හරි නිදාගන්න මේ ලස්සන ඇගෙන් උපරිම සැපක් ගන්න....

ඇය:-දෙ...දෙයියනේ මොනවද ඔයා මේ කියන්නෙ...එතකොට ඔ..ඔයා මට බොරුද කරෙ මෙ වෙනකම්...ඒ කියපු කතා මට දීපු බලාපොරොත්තු...ඔයා මාව මැරි කරනව කියපු එක...ඒ සේරම බොරුද එතකොට ඉහ්..ඉහ්...ඉහ්..

ඔහු-:බදින්න උබව මං මට පිස්සු නෑ බං බැදල ලමයි ඉන්න එකියක් කරගහන්න මං උබෙන් හෙව්වෙ ආතල් එක විතරයි...දැන් උබට දිගටම මට මෙහෙම සැප දෙන්න වෙයි....හහ්හ්හා

ඇය-:මොනවද උබ මෙ කියන්නෙ තිරිසනා...ඇයි උබ මට මෙහෙම කලේ කියපං ඉහ්හ්හ්...

ඔහු:-උබෙ පට්ට ගනන්නෙ තිබුනෙ උබව කාටවත් නම්මගන්න බෑ කියලනෙ උබ හිතුවෙ...අනික උබට අච්චර හොද මිනිහෙක් ඉද්දි උබ මා එක්ක හැමිනෙන්න ආවෙ උබට තෙලෙ වැඩි නිසානේ...මං උබව බැන්දොත් මටත් දවසක උබෙ මිනිහට උනා වගෙ වෙයි....

ඇය:-මං ආදරෙ කරෙ ඇත්තට...මගෙ මිනිහ මට ආදරෙ නැතුව නෙවෙ එත් මං හොයපු ආදරෙ උබ ලග තිබුන නිසයි උබට ලං වුනේ...ඇයි උබ මට මෙහෙම කරේ..ඇයි කියපං ඉහ්..ඉහ්..

ඔහු:-මට ඔය බයිල වලින් වැඩක් නෑ හෙටත් වරෙන් මෙ වෙලාවට මගෙ යාලුවො දෙන්නෙකුත් උබ ගැන පිස්සුවෙන් ඉන්නෙ....

ඇය:-තිරිසනා මාව මරල දාපං ඉහ්..ඉහ්..මං මැරුවත් ආපහු උබ ලගට එන්නෑ...ඉහ්..ඉහ්..

ඔහු:-ආ එහෙමද මැඩම් එහෙනම් මෙකත් ටිකක් බලන්නකො..

මෙතෙක් වෙලා සගවා තිබූ විඩියෝ කැමරාවක් ඔහු ඇය අත තැබූ හ...එහි ඔවුන් දෙදෙනා ලිංගික එක්වන දර්සන රූගත වී තිබුන හ..

ඇය:-දෙයියනේ...

ඔහු:-ඇයි මැඩම් කට වැහුනද...උබ නාවොත් මං මේ විඩීයො එක මුලින්ම උබෙ මිනිහට එවන්නෙ පස්සෙ ෆ්බ් දානව උබට ටැග් කරල....දැන් කට වහගෙන මං කියන විදියට ඉදපං...

ඇය හඩාවැලපෙන්නට විය
ඇය මෙහෙම කියන්න ඇති....

අනේ නැද්ද
උබට දුකක්
මං ගැන..
දැනුන නිසයි
මහ ගොඩක්
උබේ ආදරේ
යටවුනේ ඇගට
උබේ මං...
හිතුනෙ නැනෙ
නිකමටවත්
රැවටුව වගක්
උබත් මාව..
අමතක උනා
උබේ කෝලම් ලග
පතිනියක් වග මං
ඒකයි හැසිරුනේ
පොඩි කෙල්ලක් වගේ
උබේ ලග මං..
චපල වුනා
මගෙ හිමිට මං
මතක නැතිවුනා
දරුවන් ඇති
අම්මෙක් වග මං..
අසම්මතේ බැදුනෙ මං
උබට ආදරෙ නිසානෙ බං
හෙට ගරහයිනේ
මුලු ලෝකයක්ම මට
අයාලේ ගිය
වයිශාවක් කියා...
දෙවියන් දුන් දඩුවමට
බෑ වගේ මට
පිටුපා යන්න...
අනේ බං
මාව අතෑරපං
මට යන්න දීපං
උබට වදින්නං
අත්දෙක එකතුකරල මං.....

(නිර්මානයක් පමනි...එහෙත් සමාජයෙ සිදුවන දෙයකි)

#danush__ruu

ප:ලි...
ජිවිතේවරදින්න වැඩි වෙලාවක් යන්නැති උනාට ඒ වැරදුන ජීවිතේ යලි හදාගන්න බොහො කල් ගතවෙයි..ඇතැම් විට බැරි වෙයි...
පෘතග්ජනයන් ලෙස අපි වැරදි කරන්නෙමු...එහෙත් දැන දැන වරදේ බැදෙන්නෙනම් අපි කුමක් කරන්නෙමු ද...
ආදරය ඉදිරියෙ උබත් මාත් අපි කවුරුත් පූස්පැටව් මෙන් වෙන්නෙමු...ආදරය නිසා උබත් රැවටිලා ඇති මාත් රැවටිලා තියෙනව..
ඒත් ආදරෙ මුවාවෙන් උබත් මාත් තවකෙක් රවටන්නෙද උබටත් මටත් දවසක එයට වන්දි ගෙවන්නට සිදු වෙනවා ඒකාන්තය....
අසන්මතය කියනා තරම් සොදුරු නැත..අද අසම්මත ආදරකතා ඕනෑ තරම් ඇත..එහෙත් අවසානය කේදනීයයි...
හිතපං උබ විවාහ වී දරුවන් සිටිනා මවක්නම්...ඇයි උබ අසම්මතේ බැදෙන්නෙ...බොහො විට උබෙ පිලිතුර "මං මැරිකරාට සතුටින්නෙවෙ ඉන්නෙ...මට ඕන ආදරෙ මගෙ හස්බන්ගෙන් මට ලැබෙන්නෑ.....මගෙ හස්බන් ඉස්සර වගෙ ඇක්ටිව් නෑ....මගෙ හස්බන් දුවන්නෙසල්ලි පස්සෙ මිසක් මගෙ ඕනෑපකම් හොයල බලන්නෑ...එකි මෙකී නොකී ඕනෑ තරම් පිලිතුරු උබ සතුව ඇති...උබ දවසක හෝ අසම්මතේ බැදීඇත්නම් මෙයින් එක හේතුවක් හෝ උබට තියෙන්නට ඇති...
උබ කසාද බැදල දරුවන් ඉන්න තාත්තෙක්නම් හිතපං ඇයි උබ අසම්මතේ බැදෙන්නෙ කියල...
බොහො විට උබ ලගත් උත්තර ගොඩාක් ඇති..
"දැන් ගෑනි වෙනද වගෙ දෙන්නෑ...දැන් ගැනිගෙ බඩ වැඩියි මහතයි..හැමදාමත් එකම හෝටලෙන් කන්න පුලුවන්ද...බැන්ද කියල කෙලින් වෙන් නැද්ද...ගැනිගෙ නැති අමුතු මොකක් හරි දෙයක් පිට ගෑනිගෙන් උබ දකිනව වෙන්න ඇති"

උබටත් ඔය වගේ උත්තර ගොඩක් ඇති උබත් ඔය එක හේතුවක් නිසා හරි අසම්මතෙ බැදෙන්න ඇති නේද බං...

එත් උබලට නිකමටවත් හිතුනද බං උබගෙ පවුල ගැන උබෙ ලමයි ගැන මෙව පත්තු උනොත් ඒ ලමයිට කොහොම බලපායිද කියල...නෑ නේද බං තාවකාලික සැපක් නිසා අපට අපේ ජීවිතවල වැදගත්ම දේවල් මග ඇරෙනව නේද බං...
හැම ගෑනියෙක්ම මිනිහෙක්ම මෙහෙම නෙවෙ තමන්ගෙ ගෑනිට මිනිහට පන වගෙ ආදරෙ කරන තමන්ගෙ කෙල්ල කොල්ලට පන වගෙ ආදරෙ කරන විශ්වාස කරන ඒ විස්වාසෙ රකින තමන්ගෙ දරුවන්ට ආදරෙ රත්තරං කොල්ලො කෙල්ලො ඉන්නව බං...
එත් මොකක්දෝ අහේතුවකට අපේ තියෙන ජඩ කමට අපි තහනම් ගහෙ ගෙඩි කන්න ආස කරනව බං...

මං මේ පොස්ට් එක ටයිප් කරන මොහොතෙත් උබල මෙක බලන (බලයිද දන්නෑ)මොහොතෙත් කොහේ හෝ තැනක අසම්මතේ පෙම් කවක් ලියවෙනව බං...ෆ්බ් එකෙ ඉන්බොස් එකෙ හුරතල් වෙනව ඇති ලිංගිකව එකතු වෙනව ඇති...

අවසානෙට තව දෙයක් කියන්නම් කවුරු කොම අසම්මතෙ බැදුනත් මේ සමාජෙ කෙලින්ම ඇගිල්ල දික් කරල වරදකාරිය කරන්නෙ උබයි
රත්තරං
නැන්දේ
අක්කෙ
නංගියේ
උබම විතරයි.....

Comments