නුඹයි හිමිකාරී


අහිමිව හිමි වූ සංසාරගත පතිනිය ඔබයි..🖤

"තමුසෙ ද #විහග කියන්නෙ ..තමුසෙ වගේ දුප්පත් මුඩුක්කු කොල්ලෙක්ට මං මගෙ සැපට හැදුණු මැණිකක් වගේ කෙල්ලව දෙයි කියල ද තමුන් හිතන් ඉන්නෙ ආ.."

"මේ අනේ නැන්දෙ.."

"මං මේ මෙහෙම මුඩුක්කු ගොඩක් තියෙන තැනට ආවමයි.. මේ උපරිම හොදින් මං කියන්නෙ මේක නවත්තල දාපන්..නැත්තන් පස්සෙ පසුතැවෙන්න වෙයි උබට..
තමුන්ට නංගියෙකුත් ඉන්නවනෙ නේද ..පරිස්සමින් බලාගන්නවා..කියන දේ ඇහුවෙ නැත්තන් මොනා වෙයිද මංවත් දන්නෑ ..එහෙනම් හරි නෙ මං ගියා.."

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
විහග කියන්නෙ අම්ම තාත්ත නැතුව නංගි එක්ක ලෝකෙ තනිවුණු දුප්පත් කොල්ලෙක්..අතේ මුදල් හිග උනත් කුලී වැඩ කරල තමන්ටත් නංගිටත් කන්න බොන්න වගේම නංගිගෙ ඉගෙනීම් වැඩ වෙනුවෙන් පුලුවන් විදියට එකම එක අමතර පන්තියකට සහභාගී කරවන්නට ඔහුට හැකි උනා..

#තරූ .. ඒ විහගගෙ එකම නංගි..මේ ලෝකෙ මුඩුක්කු ගෙදරක තමන්ගෙ කියල දුකට සැපට ඉන්න එකම කෙනා ඇය.. පාසල් යන්නට වගේම එකම එක අමතර පන්තියකට විතරක් සහභාගී උනු ඇය උසස්පෙළ විභාගයට සූදානම් වන සිසුවියක්..කාලයත් එක්ක සහෝදරියක් වගේ යාලුවෙක් ඇයට මුණගැහෙන්නෙ අමතර පන්‍තියේදි..ඒ #හර්ෂි ..

#හර්ෂි.. උද්ධච්ඡ අම්මෙක්ගෙ එකම එක දූ පොඩිත්ත..#හිරුෂ කියන්නෙ ඇයගෙ එකම සොහොයුරා..තාත්ත බිස්නස් කරන කෙනෙක් වගේම මිලමුදල් හිගයක් නොතිබුණු අහිංසකාවියක් ඇය..හිත හොද කෙල්ලෙක්..

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
#එක්_දිනක්..

" සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ නංගියේ.."

"අයියේ .. දෙයියනේ ඔයා මෙච්චර මහන්සි උනේ ඇයි අයියෙ .."

" මොන මහන්සියක්ද පැටියෝ ..මගෙ සුරංගනාවිනෙ ඉතින් ..අහ් හරි හරි දැන් නැගිටල මේ කිරිබත් කපන්න..කේක් ගේන්න වියදම් කරන්න සල්ලියක් නෑ චූටියො..ඒ නිසා.."

" අනේ අනේ අයියෙ පිස්සුද ඔයාට..මේ ටිකත් හොදටම ඇති..ඉන්නකො අපි කපමු හරි ද .."

"හෝව් හෝව් අවසර නැතුව ම ඇතුළට ආවට සොරි ..හැබැයි කිරිබත් වගේම මේ මං ගෙනාපු එකත් කපන්න ඕනෙ.. හරිනෙ කෙල්ල.."

"හ..හර්..හර්ෂි ඔයා මෙ..මෙහේ.."

" ඇයි මොකද අයියෝ බලාගෙන ඇස් දෙකෙ සයිස් බලහන්කො බඩගිනි අනේ ඕක කපන්නකූ.."

" හර්ෂි ඔයාගෙ අම්ම දැනගත්තොත් .."

" අනෙ අනෙ මේ එහෙන් පැනගත්ත විතරයි අම්ම දැනගන්නෙ නෑ කෙල්ලේ ඕක කපන්න අනේ.. ප්රශ්න පත්තර දිගාරින්නැතුව.."

එදා හර්ෂිව දැක්ක මොහොතෙ ඉදන් විහග කෙල්ලට ආදරේ කරන්න අරගත්තෙ කෙල්ලගෙ තිබ්බ ගුණයහපත්කම් නිසාමයි..රූපශ්රීය අඩුවක් නොවුණත් ඇයගෙ ගතිගුණ සැමට වඩා ඉහලින් තිබුණෙ.. හර්ෂි විහග ආදරය ලොවට හොරෙන් ගලා යන්න ගත්තෙ හමුවෙලා කීපදවසින්..හර්ෂි තරූ හොදම යාලුවන් වීම නිසා නිරන්තර විහග හර්ෂි හමුවීම මෙයට රුකුලක් උනා..

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
" මො.ක..ක්ද කියන්නෙ "
...............
" අහ් හ..හා"

"දුවේ අනේ දුවේ මල්ලි.. අනේ "
" ඇයි මල්ලිට මොකද අම්මෙ"ඔ

" මල්ලිගෙ බයික් එක ඇක්සිඩන්ට් වෙලා අනේ හොස්පිටල් එකේලු අනෙ මගෙ කොල්ලා .."
" හරි අම්ම කලබල නොවී ඉ...ඉන්න අ..අපි දැන් යං.."

හිරුෂගෙ ඇක්සිඩන්ට් එක නිසා කෙල්ලගෙ හිතේ තිබ්බ දුක කියන්න කෙල්ල තෝරගත්තෙ විහගව..විහගට කෝල් කරල හැමදේම කිව්වට පස්සෙ විහග තරූ එක්ක ඉක්මනට අදාල රෝහලට ආවෙ ඇයට අස්වැසිල්ලක් වෙන්න..

හිරුෂගෙ රෝහල්ගතවීම නිසාම හිරුෂගෙ රිපෝට්ස්වලින් දැනගත්තෙ ඔහුට කාලයක සිට වකුගඩු පිලිබදවද ප්රශ්නයක් තිබී ඇතිබව හා හැකි විගසින් ගැලපෙන වකුගඩුවක් අවශ්ය බවයි..අනෙක් තුවාල මතුපිටින් පමණක් වන බවද හෙලිවිය..

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
වකුගඩුවක් කොතෙකුත් සෙවූවද හමු නොවූ තැන හර්ෂි ගෙ උද්ධච්ඡ අම්මගෙ රැස් බහින්න ගත්ත කිව්වොත් හරි ..මුදල් බලයෙන් ගැලපෙන වකුගඩුවක් සෙවුවද නොලැබුණු තැන හර්ෂිගෙ පියාද දැඩි කනස්සල්ලෙන් පසු උනා.. ඔහු සිතමින් රෝහල් කොරිඩෝවක ඇවිදින අතරතුර ඇසුණු දේ නිසා ඒ පිලිබදව යම් විමසිල්ලෙන් අසාසිටීමට ඔහු පෙලඹුනා..

" ඔයාගෙ කිඩ්නීස් ඒ බෝයිට හරියටම මැච් වෙනව..මේ තියෙන්නෙ රිපෝට්ස්..බලන්නකො.."

" ඩොක්ටර් මං කැමති වකුගඩුවක් දෙන්න එයාට.."

" දුවේ ඔ...යා.. මේ මොක්..මොකද්ද කරන්න ය..න්නේ.."
" මාමෙ ඔයා මෙත්..මෙතන මොකද්ද ක..රන්නෙ "

" දුවේ හංගන්නෙපා ..අනේ මගෙ දූට ගොඩක් පිං.. මේ කරන දේට.. මගෙ නෝනා කොච්චර නම් ඔයාලට නපුරුකම් කලත් මට මොකුත් කරගන්න බැරි උනා දූ..මහ පුදුම උද්ධච්ඡකමක් තියෙන්නෙ .. අනේ සමාවෙයන් කෙල්ලේ.."

" අනේ මා..මේ කමක් නෑ ඉතින්.. ඒව වෙලා ඉවරයි නෙ..දැන් හිරුෂගෙ ජීවිතේ ගැන ප්රශ්නයක් නෙ මාමෙ.. මං ඒක විසදන්නම්... හැබැයි මේක කාටවත් කියන්න එපා මාමෙ.. අයිය විතරයි දන්නෙ මේ ගැන දැන් මාමත් දන්නව.."
" ඒ..ත්.. පුතේ.."

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
" හරි දැන් ඔයාගෙ පුතාට සනීපයි..රෙස්ට් කරන්න දෙන්න ..තව දවස් හතරකින් විතර මෙයාව එක්කන් යන්න පුලුවන් ..ඒත් නැගිටින්න නම් හොද නෑ ඇදට වෙලා ඉන්න වෙයි සති දෙකක්වත්.."

" අනේ තෑන්ක්ස් ඩොක්ටර් මගෙ කොල්ලව බේරුවට.."
" අපිට නෙවෙ කිඩ්නි එක ඩොනේට් කරපු කෙනාටයි හරිනම් ස්තූති කරන්න ඕනෙ.."

" කවුද ඩොක්ටර් ඒ කෙනා .. මට දැනගන්න පුලුවන්ද .."

"සොරි ඒකනම් කරන්න බෑ ..එයා මේක අනිත් අය දැනගන්නවට කැමති නෑ .."

" හරි එහෙනම් ඩොක්ටර් .."

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
" තමුන් තමුසෙල මොකද්ද මෙතන කරන්නෙ ආ.. මං ගෙදරටම ඇවිල්ල කිව්වනෙ ආයෙ මගෙ කෙල්ලට ලංවෙන්න හදන්නෙපා පසුතැවෙන්න වෙයි කියල ..තමුසෙලට සිංහල තේරෙන්නැද්ද ආ අයිසෙ.."

" මේ නැ..න්දේ.."

" නෝනෙ කටවහගන්නව..මේ හොස්පිටල් එක කියල අමතක කරන්නෙපා..තමුන්ගෙ උද්ධච්ඡකම තමුන් ලගම තියාගන්නව..මගෙ අහිංසක කොල්ලගෙ ජීවිතේ රැකුණෙ මෙන්න මේ රත්තරං මනුස්සයගෙම නංගි නිසා කියල මතක තියාගන්නව.. සොරි පුතා මේක තවත් හංගන් ඉන්න බෑ මට.. මේ ගෑණිගෙ මහකම වැඩි..සල්ලි ඔලුවෙන් ඉන්නෙ.. සල්ලිවලට මනුස්සකම් පාවාදෙන්නෙපා නෝනෙ..

" මො..කද්ද කියන්නෙ .."

" කිව්වෙ තමුන්ට ඇහුණ දේ තමා..අපෙ කොල්ලට තමන්ගෙ වකුගඩුවක් පරිත්යාග කලේ මේන් මේ කොල්ලගෙ එකම නංගි..තමුන් ගෙදරට ගිහින් තර්ජනය කරල ආපු මුඩුක්කු ගෙදර කෙල්ල තමා එහෙම කලේ..දැනගන්නවා.තමන්ට ඉන්න එකම නංගි වෙලත් නංගි ගැන කියල ගෙදරට ඇවිල්ල තර්ජනය කරපු අම්මගෙම පුතාගෙ ජීවිතේ බේරගන්න තමන්ගෙ නංගිට අවසර දීපු උතුම් මිනිහෙක් මේ ඉන්නෙ.."

" මො..ක..ක් .. අනෙ පුතේ මං සමාවගන්න සුදුසු නැතුවැති ..ඒත් මට සමාව දෙන්න පුලුවන් නම් කරපු හැමදේටම.. මේ මේ මං අද මේ මොහොතෙ ඔයාට පොරොන්දුවක් දෙනව මගෙ කෙල්ලගෙ මහත්තය වෙන්නෙ ඔයාමයි කියල .."

" නැන්දෙ මං ඔයාට සමාවදුන්න ..හැබැයි මං ඔයාගෙ ඉස්සරහට තව අවුරුදු දෙකකින් ඔලුව උස්සල එන්නම්.. මොකද මං මගෙ මහන්සියෙන් නැගිටින්න ඕනෙ..එදාට මං ඔයාගෙ දුවව බාරගන්නව..පුලුවන් නම් එතකන් එයාව කාටවත් නොදී බලාගන්න .."

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අවුරුදු දෙකකට පසු..
-------------------------------------
" අද මේ විශේෂ දිනය වෙනුවෙන් සපැමිණි සියලලන් පිලිගන්නා අතරෙ මං මේ ප්රකාශයට පත් කරන්න යන්නෙ වසරේ හොදම ව්යවසායකයා කවුරුන්දැයි කියා.."

#වසරේ_විශිෂ්ටතම_ව්‍යවසායකයා_බවට_පත්වන්නේ..... #විහග_දිල්නෙත්_විජේසූරිය ඔබයි..පැමිණෙන්න වේදිකාවට.. සම්මානයත් සමගින් වදනක් පවසා යන්න ඔබ පිළිබදව.."

" ඇත්තටම මට විනාඩි කිහිපයක් දෙන්න.. අද මම මං ආපු ගමන ගැන කියන්නම්.......................................
අවසාන වශයෙන් මට දෙයක් කරන්න තියෙනව මට අවසර දෙනවද නිවේදක මහත්මයා.."
" ඔව් අනිවාර්යයෙන් ම.."

" ඇත්තටම මීට හරියටම අවුරුදු දෙකකට කලින් මං කෙනෙක්ට කිව්ව මං මගෙ දෙපයින් මගෙ ශක්තියෙන් ඔලුව උස්සපු දවසක මං එයාගෙ ඉස්සරහට එනව කියල ..ඇත්තෙන්ම ඔවුන් මෙතන ඉන්නව..ඉතින් මං ආරාධනා කරන්න කැමති වේදිකාවට හර්ෂි දහම්සා සූරියබණ්ඩාර.. ඔබට ... ආන්ටි ඔයාගෙ දුවව අද මං බාරගන්නව .. එවන්න එයාව වේදිකාවට.."

" Will you marry me..?"
" Yes I am.."

හැමෝගෙම අත්පොලසන් නාදයන් අතරින් හර්ෂි විහග දෙදෙනා වේදිකාවෙන් බැස ගියේ කාලයක් පුරාවට හිතේ තිබූ බලාපොරොත්තු ඉටුවීමේ ප්රීතියෙන් ..

🖤භවයක් පුරා පතාගෙන ආ ප්රේමය ඔවුන්ට හිමිවීම කෙතරම් අපූර්වද..🖤

..සමාප්තයි...

කතාව හොදයිද දන්නෙ නෑ ..කියවල අදහසක් කියාගෙන යන්න ..

මං ..,,
✍️ ආශි සෙහස්නා ..

Comments